Latest News

ඩයනා කුමරියගේ වටිනාම දේවල් 100කට අධික ප්‍රමාණයක් වෙන්දේසි කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසින්.

Princess Diana’s at a royal collection ලෙසයි මෙම වෙන්දිසිය නම් කර ඇත්තේ.

එළැඹෙන ජුනි 26 වනදා කැලිෆෝනියාවේ Beverly Hills නම් තරු පන්තියේ හෝටලයකදී මෙය පැවැත්වීමට නියමිතයි.

ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම්, තොප්පි සහ පාවහන් මෙන්ම ඇය භාවිතා කළ මිල අධික අත් බෑගයක් ආදී අයිතම 100ක් පමණ ලංසු තැබීමට සහ ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මෙහෙදී අවස්ථාව හිමි වනවා.

ඩයනා කුමරිය භාවිතා කළ භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් වෙන්දේසි කරන පළමු අවස්ථාව මෙය බවයි එම වෙන්දේසි සමාගම පවසන්නේ.

World News

Send your contact Details Today