Latest News

නව කොවිඩ් වෛරසය වැළඳුණු ඉන්දියානුවන් ගණන 6,000 ඉක්මවයි – වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය මෙන්න

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසයට සමගාමීව ඉන්දියාවේ මේ වන විට කොවිඩ් රෝගීන් 6,491ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තා අනුව පසුගිය පැය 24 තුළ රෝගීන් එරටින් නව රෝගීන් 7 දෙනෙකු සොයාගෙන ඇති අතර කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය ලෙස කේරළයද පත්ව ඇති බව සඳහන්.

නව වසංගතයෙන් වැඩිම බලපෑම එල්ලවූ ප්‍රාන්තය ලෙස කේරළය පත්වද්දි මහාරාෂ්ට්‍ර, කර්ණාටක, ගුජරාට්, දිල්ලි, බටහිර බෙංගාලය, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ හර්යානා යන ප්‍රාන්තවල ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම පසුගිය ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කොවිඩ් රෝගය හේතුවෙන් මරණ 65ක් වාර්තා වී ඇති අතර උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, පන්ජාබ්, මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, කර්නාටක, ගුජරාට් සහ දිල්ලි යන ප්‍රාන්තවලින් මෙම මරණ වාර්තා වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today