Latest News

විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා චීනයෙන් අත්හදා බැලීමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞදි අරාබිය, ඕමානය, කුවේට් සහ බහරේනය යන රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා අත්හදා බැලීමේ පදනමක් මත අද (09) සිට චීනය වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සමඟ ම, චීනය ඒකපාර්ශ්විකව වීසා නිදහස් කිරීමේ රටවල් සංඛ්‍යාව 47 දක්වා වැඩි කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

2025 වසරේ ජුනි මස 09 වනදා සිට 2026 වසරේ ජුනි මස 08 වනදා දක්වා ඉහත රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සිය ව්‍යාපාර කටයුතු, සංචාර, ඥාතීන් හා මිතුරන් බැලීම ආදී අවශ්‍යතා සඳහා දින 30ක කාලයක් වීසා බලපත්‍රයක් නොමැතිව චීනයට ඇතුළු වී එහි රැඳී සිටිය හැකි වනවා.

World News

Send your contact Details Today