Latest News

තරුෂි අමෙරිකා යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉදිරි මාස දෙකක පමණ කාලයක දී ක්‍රීඩා පුහුණුවට සහ කළමනාකරණ උපාධියක් හැදෑරීම සඳහා අමෙරිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න පවසනවා.

විශ්වවිද්‍යාල කිහිපයකින්ම තමන්ට ඇතුලත්වීමේ අවස්ථා ලැබී තිබුණද ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තමන් තොරා ගත් බව ඇය සඳහන් කර තිබෙනවා.

අමෙරිකා විශ්වවිද්‍යාලයෙන් තමන්ට ක්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට එකඟතාව පළ කර ඇති හෙයින් මෙය වඩාත් සුදුසු ස්ථානය බවට හඳුනා ගත් බව ඇය පැවසුවා.

” මුලින්ම මගේ ඉලක්කය වුණේ පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. ක්‍රීඩාව වගේම ඉගෙන ගන්නත් මට අවශ්‍යයි. අමෙරිකාවේ හිටියත් දේශීය තරගවලට හා ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මම එනවා. “ ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබුණා.

World News

Send your contact Details Today