Latest News

ආහාර ඉල්ලූ පලස්තීන වැසියන්ට ඊශ්‍රායලයෙන් වෙඩි කන්න වෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථානයක් වෙත යමින් සිටි පලස්තීන ජාතිකයින් පිරිසක් වෙත ඊශ්‍රායෙල් හමුදා වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පලස්තීනුවන් සිව් දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව පලස්තීන වෛද්‍යවරුන් සඳහන් කර සිටියා.

ඊශ්‍රායෙල් හමුදාව සඳහන් කළේ වෙඩි තැබීමට පෙර පලස්තීනුවන්ට ප්‍රදේශය හැර යාමට වරින් වර අවවාද කළ බවයි.

තවද උදෑසන 6 සිට සවස 6 දක්වා කාලය තුල පමණක් ආහාර ලබාගැනීම සදහා ආධාර මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඉඩ ලබා දී ඇති අතර එම ප්‍රදේශය රාත්‍රි කාලය පුරා හමුදා සීමාවක් ලෙස සලකන බව ඊශ්‍රායෙල් හමුදා කියා සිටියා.

වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයෙකුගේ බිරිදක් පවසා සිටියේ තම සැමියා සිය දරුවන් පස් දෙනාට ආහාර ලබා ගැනීම සඳහා එම ස්ථානයට ගොස් තිබූ අතර හිසට වෙඩි ප්‍රහාරයන් එල්ල වීමෙන් ඔහු මියගිය බවයි.

ඊශ්‍රායෙල් හමුදාව ප්‍රහාරය සිදුකළ බවට පිළිගෙන ඇති අතර තුවාල සිදුවූ සහ මියගිය පුද්ගලයින් ගණන පිළිබඳ පළවන වාර්තා අසත්‍ය බව ඔවුන් පෙන්වාදෙනවා.

World News

Send your contact Details Today