Latest News

ජාත්‍යන්තර සාගර දිනය අදයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා.

”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්න මෙවර ජාත්‍යන්තර සාගර දිනයේ තේමාවයි.

1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රථමවරට සිදු වුණා.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 08 වනදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට වෙනුවෙන් ලබාදෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබාදෙන සාගරය අද වන විට බරපතල තර්ජනයකට ලක්ව තිබෙනවා.

ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරිම ඉන් ප්‍රධානතම ගැටලුව බවට මේ වනවිටත් පත්ව අවසන්.

මේ අතර ජාත්‍යන්තර සාගර දිනය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවය කොළඹ වරාය නගරයේදී අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන්.

World News

Send your contact Details Today