Latest News

ලොවම හඳුනන ගායකයෙකුගෙන් Meta සමාගමට නඩු

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුප්‍රසිද්ධ රැප් ගායක එමිනම්ගේ සංගීත ප්‍රකාශන සමාගමක් වන එයිට් මයිල් ස්ටයිල් සමාගම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරණ මෙටා සමාගමට එරෙහිව වන්දි නඩුවක් පවරා තිබෙනවා.

ඒ එමිනම්ගේ ගීත සහ නිර්මාණ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්.

ඒ, අනුව එයිට් මයිල් ස්ටයිල් සමාගම විසින් මෙටා සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 109.35ක වන්දියක් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රැප් ගායක එමිනම්ගේ ජනප්‍රිය ගීත 243ක් ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් පරිශීලකයින්ට නීති විරෝධී ලෙස පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි නඩුව ගොනුකරමින් එයිට් මයිල් ස්ටයිල් සමාගම පවසන්නේ.

එයිට් මයිල් ස්ටයිල් සමාගම එක් ගීතයකට ව්‍යවස්ථාපිත වන්දි වශයෙන් ඩොලර් 150,000ක් ඉල්ලා සිටින අතර, ජූරි නඩු විභාගයක් ද ඉල්ලා තිබෙනවා.

මීට ප්‍රතිචාර වශයෙන්, මෙටා ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙටා ලොව පුරා හවුල්කරුවන් දහස් ගණනක් සමඟ බලපත්‍ර සහ එහි වේදිකාවල සංගීතය සඳහා පුළුල් ගෝලීය බලපත්‍ර වැඩසටහනක් ඇති බවයි.

මෙටා සමාගම, එයිට් මයිල් ස්ටයිල් සමඟ හොඳ විශ්වාසයකින් සාකච්ඡා කරමින් සිටි නමුත් එම සාකච්ඡා දිගටම කරගෙන යාමට වඩා, එයිට් මයිල් ස්ටයිල් සමාගම මේ වනවිට නඩු මඟ තෝරාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today