පිලිපීනය සහ අමෙරිකානු හමුදාව දකුණු චීන මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.
දෙපාර්ශ්වය අතර පැවැත්වෙන වාර්ෂික නාවික හමුදා අභ්‍යාසයේ හත්වන අදියර එලෙස පැවැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එම අභ්‍යාසය ජාත්‍යන්තර නීතියට අනුකූලව සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් සිදුකළ බව පිලිපීන සන්නද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
දකුනු චීන මුහුදු කලාපය තුළ චීනයෙන් එල්ල වන පීඩනය ඉහළ යාම හමුවේ පිලිපීන ජනාධිපති අමෙරිකාව සමග පවතින සබඳතා ශක්තිමත් කර තිබෙනවා.
ඒ අතරින් ආරක්ෂක අංශය ඔස්සේ දෙරට අතර ගනුදෙනු කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා.