Latest News

අමෙරිකාවට, කළකම් ඵලදෙන ලකුණු

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ අමෙරිකාවේ ආනයන පහත වැටී ඇති බව වාර්තා වනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩයන්හි සියයට 20ක පමණ පහළ වැටීමක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙය මාසයක් තුළ සිදුවූ දැවැන්තම ආනයනය පහත වැටීම ලෙසද සැලකෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව රටවල් ඉලක්ක කර ගනිමින් සිදු කළ තීරුබදු ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස ආනයන පහළ වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

2020 සහ 2021 වසරවලට පසු කැනඩාවෙන් හා චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ පහළම අගය ගෙන ඇත්තේ අප්‍රෙල් මාසයේදී බවයි අමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වුවද පැනවූ තීරුබදු සම්බන්ධයෙන් මේ වන විට අමෙරිකාව ලොව රටවල් රැසක් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

World News

Send your contact Details Today