Latest News

ශ්‍රී ලංකාවේ පොසොන් සතිය අදින් ඇරඹේ – අනුරාධපුරේ එන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ පොසොන් සතිය අද (07) සිට ආරම්භ වනවා.

ඒ, අනුව අද (07) දිනයේ සිට ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වනවා.

මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර, ‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.

මේ අතර ජාතික පොසොන් උත්සව වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් පිංකම් රැසක් සංවිධාන කර තිබෙනවා.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය සඳහන් කළේ.

මේ අතර අනුරාධපුරට පැමිණීමේ දී පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා සැදැහැවතුන්ට දැනුම් දෙනවා.

පොසොන් උත්සවය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර,ඒ සදහා පොලිස් නිලධාරින් 8,000ක් අනියුක්ත කර තිබෙනවා.

මේ අතර අනුරාධපුර සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරීමට සැලසුම්කර ඇති අතර, පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා තැබෙන බවයි දැනුම් දෙන්නේ.

World News

Send your contact Details Today