Latest News

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළුවලට වෙනසක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08 ක පමණක් බවයි.

වැඩපිළිවෙළ යටතේ ආගමන විගමන කවුලු 30කට එම ආරක්ෂිත උපාංග පොලීසිය මැදිහත්ව සවිකරන බව ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා පැවසුවේ සංවිධානාත්මක අපරාධ කරුවන්, වරෙන්තු කරුවන් හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් විදේශගත වීම හා විදේශවල සිට පැමිණීමේදී හඳුනා ගැනීම එමගින් සිදු කළ හැකි බවයි.

ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා අධීක්ෂණය කෙරෙනු ඇති.

මුහුණු හඳුනා ගැනීමේ ආරක්ෂක කැමරා සියලු කවුලුවලට සවි කරන තෙක් දැනට එම කැමරා සවිකර ඇති කවුලු හැකි සෑම අවස්ථාවේදීම භාවිත කරන ලෙසට ආගමන විගමන අංශවලට උපදෙස් දී ඇති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ.

ඔහු සදහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධීව විදේශගත වීම වැලැක්වීම සඳහා ගුවන් තොටුපල ආශ්‍රිත ආරක්ෂක විධිවිධාන තර කර ඇති බවයි.

World News

Send your contact Details Today