Latest News

තවත් දින 7කින් ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තවත් දින 7කින් එනම් මේ 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය ජුනි 17දා ගාල්ලේදී ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය ජුනි 25දා කොළඹ SSC ක්‍රීඩා පිටියේදී ආරම්භ වනවා .

අනතුරුව එක්දින හා විස්සයි20 තරගාවලි කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ හා රංගිරි දඹුලු ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනවා.

පාකිස්තානය සමඟ පැවති විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වූ බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් 16කගේ සංචිතයක් නම් කොට ඇති අතර, වසර දෙකකට පමණ පසුව වේග පන්දු යවන ක්‍රීඩක 31 හැවිරිදි එබඩට් හොසේන් කැඳවා තිබීම විශේෂත්වයක්.

2023 වසරේ ජූලි මාසයේදී ඇෆ්ඝනිස්තානය සමඟ පැවති එක්දින තරගයකදී ආබාධයකට ලක් වූ ඔහු පසුව ශල්‍යකර්මයකට ද මුහුණදී සුවය ලබා ගත්තා.

ලිටොන් දාස් ද යළි ටෙස්ට් සංචිතයට කැඳවා ඇති අතර, තවමත් ටෙස්ට් වරම් දිනා නැති වමත් දඟ පන්දු යවන ක්‍රීඩක හසාන් මුරාද් ද සංචිතයට නම් කොට තිබෙනවා.

මහ්මුදුල් හසාන් ජෝයි, තන්වීර් ඉස්ලාම් හා තන්සිම් හසන් සකිබ් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, වළලුකර ආබාධයකට ලක් වූ ටස්කින් අහ්මඩ් මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නැති බැවින් සංචිතයට ඇතුළත්ව නැහැ.

බංග්ලාදේශ ටෙස්ට් සංචිතය: නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක), ෂඩ්මන් ඉස්ලාම්, ආනමුල් හක්, මොමිනුල් හක්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, මහිදුල් ඉස්ලාම් අන්කොන්, සේකර් අලි අනික්, මෙහිඩි හසන් මිරාජ් (උප නායක), තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, හසන් මුරාඩ්, එබඩට් හොසේන්, හසන් මහමුද්, නහිඩ් රානා සහ සයිඩ් කලීඩ් අහමඩ්.

World News

Send your contact Details Today