Latest News

ඇෆ්ගනිස්තාන වැසියන් ලක්ෂ 2 කට වැඩි පිරිසකට පාකිස්තානයෙන් සිදු කළ දේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලක්ෂ දෙකකට වැඩි ඇෆ්ගනිස්ථානුවන් පිරිසක්, පාකිස්ථානය හැර ගොස් තිබෙන බව පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ පාකිස්තාන රජය ක්‍රියාත්මක කළ ඇෆ්ගන් සරණාගතයින් පිටුවහල් කිරීමේ මෙහෙයුම හමුවේයී.

එමෙන්ම 135,000 කට වැඩි ඇෆ්ගනිස්ථානුවන් අප්‍රේල් මාසයේදී පාකිස්තානයෙන් පිටව ගිය අතර, මැයි මාසයේදී 67,000 ක් පකිස්තානය හැර ගොස් තිබෙනවා.

ඊට අමතරව ජුනි මාසයේ පළමු දින දෙක තුළ 3,000 කට වැඩි පිරිසක් ආපසු යවා ඇති බව ද එම අමාත්‍යාංශය පවසනවා.

යුද ගැටුම් හේතුවෙන් පසුගිය දශක කිහිපය තුළ මිලියන ගණනක් ඇෆ්ගනිස්ථානුවන් පකිස්ථානයට ඇතුළු වී තිබුණා.

2021 දී තලේබාන් රජය නැවත බලයට පැමිණීමෙන් පසු ලක්ෂ ගණනක් එලෙස ඇෆ්ගනිස්තානයට පැමිණ තිබෙනවා.

එහෙත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කර ඇති අතර ඔවුන් චෝදනා කළේ සරණාගතයින්ගේ මානව හිමිකම් දැඩි ලෙස කඩකරමින් සහ ඔවුන්ගේ ආරක්ෂාව අවදානමට ඇද දමමින් පකිස්තානය කටයුතු කළ බවයි.

World News

Send your contact Details Today