Latest News

පිලිපීන පුරවැසියන් සමඟ විවාහ වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට සුබ පණිවිඩයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීන පුරවැසියන් සමඟ විවාහ වී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වසර 5ක තාවකාලික පදිංචි වීසා (TRV) නිකුත් කිරීම පිලිපීන රජය නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර TRV නිකුත් කරන ලද්දේ වසර දෙකක් සඳහා පමණක් වු නිසා නිතර අලුත් කිරීම් අවශ්‍ය වුණා.

මෙම ක්‍රියාවලිය බලධාරීන් විසින් විදේශ ගමන් බලපත්‍ර දිගු කාලයක් රඳවා තබා ගැනීමට හේතු වූ අතර ව්‍යාපාරික සහ අනෙකුත් හදිසි කාරණා සඳහා ගමන් කිරීමට අවශ්‍ය පුද්ගලයින් ඉන් අපහසුතාවට පත්වී සිටියා.

එම ගැටළුවලට ප්‍රතිචාර වශයෙන්, තානාපති චානක තල්පහේවා මේ සම්බන්ධයෙන් උප ජනාධිපති, විදේශ ලේකම් ඇතුලු පිලිපීනයේ ප්‍රධාන කොටස්කරුවන් සමඟ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල නිරත වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස පිලිපීන රජය TRV වලංගු කාලය වසර දෙකේ සිට වසර පහක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මත පළ වෙනවා.

World News

Send your contact Details Today