Latest News

ගාන්ධිතුමාගේ දුර්ලභ තෙල් සායම් සිතුවමක් වෙන්දේසියට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දුර්ලභ තෙල් සායමින් සිතුවම් කළ මහත්මා ගාන්ධිගේ ඡායාරූපයක් ලන්ඩනයේ දී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඉන්දීය අවිහිංසාවාදී ව්‍යාපාරය මෙහෙයවූ මහත්මා ගාන්ධි තුමාගේ දර්ශනය බොහෝ ජාතීන් අතර ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

ඉන්දියානුවන් සලකන්නේ ඔහු ජාතියේ පියා ලෙසයි.

බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පිනී ක්ලෙයාර් ලයිටන් විසින් නිර්මාණය කරන ලද ගාන්ධි තුමාගේ මෙම සිතුවම එතුමන් ජීවත්ව සිටිය දී ඒ ආකාරයෙන්ම අදින ලද එකම තෙල් සිතුවම ලෙසයි සැලකෙන්නේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාකච්ඡා සහ ස්වයං පාලනය සඳහා වන ඉල්ලීම් සම්බන්ධයෙන් දෙවන වටමේස සමුළුවට ගාන්ධි තුමා 1931 වසරේ දී ලන්ඩනයට ගිය අවස්ථාවේ මෙම චිත්‍රය නිර්මාණය කර තිබෙන බව සඳහන්.

මෙම චිත්‍රය ජූලි දෙවන සතියේ බොන්හැම්ස් හිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

මෙය අද්විතිය ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමක් ඇති සිතුවමක් බව මෙහි චිත්‍ර ශිල්පිනියගේ ඥාති පුත්‍රයෙකු පවසා තිබෙනවා.

World News

Send your contact Details Today