ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන හතරක් සොයාගෙන ඇති අතර, ඉන් දෙකක් ලියාපදිංචි කර නොමැති බවත්, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අද පාර්ලිමේන්තුවේදී (05) හෙළිකළා.
කොළඹ, පොතුවිල් සහ තිඹිරිගස්යාය යන ප්‍රදේශවල පිහිටි එම ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන, ආගමික ස්ථාන ලෙස ලියාපදිංචි කර නොමැති බවත්, වැලිගම සහ ඇල්ල යන ප්‍රදේශවල පිහිටි ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවයි ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අගමැතිවරියගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පසුවද, එම ආගමික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ලබා දී ඇති විශේෂ කාර්ය බලකාය සහ පොලිස් ආරක්ෂාවන් රජය විසින් ඉවත් කර නොමැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළා.
කෙසේවතත් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි කොළඹ 7 මධ්‍යස්ථානයට ලබා දී ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මේ වන විට ඉවත් කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.