Latest News

T20 තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ගත් සුපිරි ක්‍රිකට් තරුවට තරග තහනමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන කගිසෝ රබාඩා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඔහු මත්ද්‍රව්‍යයක් භාවිත කර ඇති බවට ප්‍රකාශ වීමත් සමඟ කගිසෝ රබාඩා හට මාසයක තරග තහනමක් පැනවූවා.

එහෙත් ඔහු භාවිත කළ මත්ද්‍රව්‍ය කුමක්දැයි එහිදී ප්‍රකාශ වුණේ නැහැ.

එහෙත් පසුව කළ පරීක්ෂණයේදී රබාඩා භාවිත කර ඇත්තේ කොකේන් මත්ද්‍රව්‍ය බවට තහවුරු වූ බවයි දකුණු අප්‍රිකානු ක්‍රීඩා ආයතනය පවසන්නේ.

රබාඩා මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කළේ දකුණු අප්‍රිකානු පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන අතරතුරයි.

ප්‍රතිඵල දැන ගැනීමට පෙර ඔහු චැම්පියන්ස් කුසලානයේදී ද දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළා.

කගිසෝ රබාඩාට එරෙහි මෙම තරග තහනම හේතුවෙන් ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් ද අහිමි වුණා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයට කගිසෝ රබාඩා ද ඇතුළත්.

World News

Send your contact Details Today