Latest News

ලොව දරුණුතම අවතැන් අර්බුදයට මුහුණ දුන් රට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව දරුණුතම අවතැන් අර්බුදයට සුඩානය මුහුණදි සිටින බව එරට සහන සංවිධාන පෙන්වා දෙනවා.

2023 වසරේ අප්‍රේල් මාසයේදි සුඩාන යුධ ගැටුම් ආරම්භ වු දිනයේ සිට මේ දක්වා මිලියන 13 කට ආසන්න පිරිසක් තම නිවෙස් අතහැර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලයේ යුධ ගැටුම් ඉහළ යාමත් සමග උතුරු ඩාර්ෆූර් හි පිහිටා ඇති සම්සාම් අවතැන් කදවුරේ ලක්ෂ 4 ක පමණ පිරිසක්ද මේ වනවිට අවතැන්ව සිටින බව සහන කණ්ඩායම් පවසනවා.

මේ වනවිට උතුරු ඩාර්ෆූර් හි වෙසෙන ජනතාව ඉන් පලායමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සුඩාන ජනතාවට මානුෂිය අවශ්‍යතා අතිමහත් වුවද සම්පත් ඉතා සීමිත වනවා.

මිලියන 24 කට අධික සංඛ්‍යාවකට ප්‍රමාණවත් තරම් ආහාර නොලැබෙන අතර හයලක්ෂ තිස්අටදහසක පමණ පිරිසක් කුසගින්නේ පසුවන බවයි සහන කණ්ඩායම් පවසන්නේ.

උග්‍ර වන අර්බුදයට විසදුම් ලබාදෙන ලෙසත් මෙම දරුණු අවස්ථාවේ පිටුපා නොයන ලෙසත් සුඩානයේ සහන සංවිධාන ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

World News

Send your contact Details Today