ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක වසරකට පසු යළි ශ්‍රී ලංකා විස්සයි20 පිලට එක්කර ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව මේ මස මැදදී ආරම්භවන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ විස්සයි20 සංචිතයට දසුන් ශානක කැඳවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියේදී සොනාල් දිනූෂ, පසිඳු සූරියබණ්ඩාර හා පවන් රත්නායක වැනි නවක ක්‍රීඩකයන් පිළිබඳ සලකා බැලීමක් සිදුකරන බව ද තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළා.
බංග්ලාදේශය සමඟ මේ මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු ප්‍රවීණ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග බිමෙන් සමුගන්නා හෙයින් දෙවැනි ටෙස්ට් තරගයේ සිට ඔහුගේ ස්ථානයට නවකයකු ආදේශ කළ යුතුව තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට සහභාගිවූ 33 හැවිරිදි දසුන් ශානක එක්දින තරග 71කට සහභාගිවී ඇති අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ද එක්ව සිටියා.