Latest News

පාට පාට සර්පයන් ඇතුළු වනජීවීන් රැසක් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේදී කොටුවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විෂ සහිත සර්පයන් ඇතුළු දුර්ලභ උරගයන් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු ඉන්දියාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ සිට පැමිණෙමින් සිටි ඉන්දීය පුරවැසියකු, මුම්බායි ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසිනුයි මෙලෙස හසුකරගෙන ඇත්තේ.

විෂ සහිත පොළඟුන් 47 දෙනෙකු ඇතුළු උරගයන් එම පුද්ගලයාගේ ගමන් මලුවල සඟවා තිබූ බව නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

උරගයන් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත්තේ ඉන්දියාවේ විවිධ වනජීවී ආරක්ෂණ නීති යටතේයි.

මගියා අත්අඩංගුවේ පසුවන බැවින් ඔහුගේ නම හෙළිකර නැහැ.

බඳුනක දමා සිටින වර්ණවත් සර්පයන්ගේ ඡායාරූප රේගු නිලධාරීන් විසින් නිකුත් කර තිබුණා.

ඔවුන් පවසන්නේ මගියා සතුව තිබී මකුළු වලිග සහිත අං පොළඟන් තිදෙනෙකු, ආසියානු කොළ කැස්බෑවන් පස් දෙනෙකු සහ ඉන්දුනීසියානු වළ පොළඟන් 44 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මගියා මෙම උරගයන් ලබාගෙන ඇත්තේ කොහෙන්ද යන්න පැහැදිලි නැහැ.

ඉන්දියාවේ වනජීවී ආරක්ෂණ නීතිය මගින් රටට සතුන් ආනයනය කිරීම නීති විරෝධී නොවූවත්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති හෝ ආරක්ෂා කර ඇති සතුන් ඇතුළුව ඇතැම් විශේෂ ආනයනය කිරීම තහනම් කරනවා.

ඕනෑම වනජීවීන් වර්ගයක් ආනයනය කිරීමට පෙර මගියකු විසින් ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගත යුතුයි.

තහනම් කරන ලද වන සතුන් රට තුළට ජාවාරම් කිරීමට උත්සාහ කරන මගීන් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම අසාමාන්‍ය දෙයක් නොවේ.

ජනවාරි මාසයේදී, කිඹුල් හිස් කබලක් තම ගමන් මලුවල රැගෙන යාම සම්බන්ධයෙන් කැනේඩියානු ජාතිකයකු දිල්ලි ගුවන් තොටුපළේදී ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් මාසයකට පසු, ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තයේ වනාන්තරවලට ආවේණික කුඩා වානරයකු වන සියමැන්ග් ගිබන් පස් දෙනෙකු රැගෙන ආ මගියකු මුම්බායි ගුවන් තොටුපළේ නිලධාරීන් විසින් නතර කරගෙන තිබුණා.

එම සත්වයා අන්තර්ජාතික ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ සංගමය විසින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවට නම්කර සිටින සතෙක් වනවා.

World News

Send your contact Details Today