මොන්ගෝලියානු අගමැති ලුව්සන්නම්ස්රේන් ඔයුන්-එර්ඩීන් තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් පරාජය වීමෙන් පසුවයි.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් දින ගණනක් පැවති මහජන විරෝධතාවලින් පසුව ඡන්දය ප්‍රකාශ කළා.
ඔහුගේ පුතාගේ සුඛෝපභෝගී උපන්දින සාදය සහ විවාහ ගිවිස ගැනීම පිළිබඳ සමාජ මාධ්‍ය පළ කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය ඔහුට උදාවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් 2021 දී බලයට පත් වූ ඔයුන්-එර්ඩීන්, දින 30ක් ඇතුළත අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් භාරකාර අගමැති ලෙස පවතිනු ඇති.