නිකවැරටිය සහ අඹන්පොලට මායිම් වූ වනාන්තරවලවල වෙසෙන එකම ඇතා ලෙස සැළකෙන ‘භාතිය’ නමින් හැඳින්වෙන ඇතා බරපතළ ලෙස රෝගාතුර වීම හේතුවෙන් මහව වනජීවී පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී තිබෙනවා.
වම් පාදයේ ආබාධයකින් පෙළෙන ඇතා පොල්පිතිගම වැව් රක්ෂිතයට ගොස් මඩ සහිත ජලයේ වැතිර සිටියදීම ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් සුවය ලබමින් සිටියා.
වනජීවී නිලධාරීන් පැවසුවේ ඇතාට ප්‍රතිකාර ලබා දීමට සහ ජීවිතය බේරා ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදු වූ බවයි.
හස්තියා බරපතළ ලෙස රෝගාතුර වී ඇති බවත්, ඉදිරිපස වම් පාදය ඉදිමී ඇති බවත්, සත්වයාට ආහාර ලබාදීම අපහසු වූ බවත් ඔවුහු පෙන්වා දුන්නා.
භාතියට කෙළින් සිටීමට පවා නොහැකිව සිටි බවයි වනජීවී සහකාර ජයසුන්දර මහතා පැවසුවේ.
මහව ප්‍රාදේශීය ලේකම් බී.එම්.නදුන් ආර්. සම්පත් පැවසුවේ වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් භාතියගේ ජීවිතය බේරා ගැනීමට උපරිම උත්සාහයක් දරන බවයි.
