Latest News

දකුණු කොරියානු ජනාධිපතිවරණය අද

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියානු ජනාධිපතිවරණය අද (03) ආරම්භ වුණා.

එරට මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තෝරාගැනීම සඳහා සිදුකරන මෙම ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 14,295 කදී පැවැත්වෙනවා.

මෙම ඡන්ද විමසීම දේශීය වේලාවෙන් රාත්‍රී 20:00ට (GMT 11:00) අවසන් වන අතර, පැය කිහිපයක් ඇතුළත ප්‍රතිඵල අපේක්ෂා කෙරෙනවා.

පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වනවා.

අසාර්ථක වූ යුද නීති යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගය හේතුවෙන් එරට හදිසි ජනාධිපතිවරණයක් නිවේදනය කළා.

එලෙස කැඳ වූ හදිසි මැතිවරණයේ දී මේ වනවිට මිලියන සංඛ්‍යාත දකුණු කොරියානුවන් ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today