Latest News

පෝලන්තයට නව ජනපතිවරයෙක් තේරී පත්වෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දක්ෂිණාංශික කොන්සර්වේටිව් අපේක්ෂක කැරොල් නව්රොකි පෝලන්තයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඈති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පෝලන්ත රාජ්‍ය මැතිවරණ කොමිසම මේ බව නිල වශයෙන් නිවේදනය කළා.

නව්රොකි සමස්ත ඡන්දවලින් සියයට 50.9 ක් දිනා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ලිබරල් අපේක්ෂක වෝර්සෝ හි නගරාධිපති රෆාල් ට්‍රසස්කොව්ස්කි රකාශිත ඡන්ද වලින් සියයට 49.1 ක් ලබා ගත්තා.

එරට වේලාවෙන් රාත්‍රී 9:00 ටයි ඡන්ද විමසීම අවසන් වූණේ.

කෙසේ වෙතත් පළමු මත විමසුමේ ප්‍රතිඵල ලෙස ඉදිරියෙන් සිටියේ ට්‍රසස්කොව්ස්කි.

ඒ 50.3% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්.

තේරී පත්වූ ජනපති නව්රොකි එහිදී ලබා ගෙන තිබුණේ 49.7% ක ප්‍රතිශතයක්.

World News

Send your contact Details Today