Latest News

අමෙරිකාවේ විශ්වවිද්‍යාලවලින් ප්‍රතික්ෂේප වන සිසුන්ට අවස්ථා දීමට ඉදිරිපත් වූ රට මෙන්න

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ විශ්වවිද්‍යාලවලට විදෙස් සිසුන් බඳවා ගැනීමේ විසා අයදුම්පත් අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වූ සිසුන් සිය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට ඇති හැකියාව සලකා බලන ලෙස ජපාන රජය එරට විශ්වවිද්‍යාලවලින් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ජනාධීපතිවරයාගේ නියෝගයෙන් බලපෑමට ලක්වූ විදෙස් සිසුන් සඳහා සහාය විය හැකි ආකාරය ගැන සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජපාන අධ්‍යාපන ඇමැතිනිය ටොෂිකෝ අබේ එරට විශ්වවිද්‍යාල පරිපාලනයට දැනුම් දී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

අමෙරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන විදෙස් සිසුන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති අතර, ඉන් 27%ක්ම හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today