Latest News

IPL 2025: මෙවර කුසලානය කාටද? – අවසන් තීරණය අදයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 IPL තරගාවලියේ අවසන් මහා තරගය අද (03) අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර, අවසන් මහා තරගයක දී මොවුන් එකිනෙකා හමුවන්නේ පළමුවරට වීම ද විශේෂත්යක්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ අයි.පී.එල් ඉතිහාසයේ අද දිනයේ මුහුණ දෙන්නේ සිව්වන අවසන් මහා තරගයට වන අතර, ඔවුන් මීට පෙර 2009, 2011 සහ 2016 වසරවල දී අවසන් මහා තරගය සඳහ සුදුසුකම් ලබාගත්තා.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මෙවර අවසන් මහා තරගයක් සඳහා තේරී පත්ව ඇත්තේ 2014 වසරෙන් පසුව වන අතර, මෙය IPL තරග ඉතිහාසයේ ඔවුන් මුහුණදෙන දෙවන අවසන් මහා තරගයයි.

මෙම කණ්ඩායම් දෙකටම තවමත් IPL ශූරතාවක් දිනාගැනීමට තවමත් හැකියාව ලැබී නොමැති අතර, ඒ අනුව සිය කුළුඳුල් ශූරතාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙකම අද ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයවන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයයට පිවිසෙනු ඇති.

මෙම අවසන් මහා තරගයේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ශ්‍රෙයාස් අයියර් විසින් මෙහෙය වන අතර, ඔහු පසුගිය වර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ශුරතාව දිනාදීමට නායකත්වය ලබා දුන්නා.

මේ අතර මෙවර තරගාවලියේ දී නව නායකත්වයක් යටතේ තරග වැදීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ තීරණය කළේ රාජත් පටිදාර් වෙත නයකත්වයේ වගකීම පවරමින්.

ඒ, අනුව තමන්ට හිමි වූ පළමු අවස්ථාවෙන් ම සිය කණ්ඩායම අවසන් මහා තරගයක් සඳහා රැගෙන ඒමට රාජත් පටිදාර්ට හැකියාව ලැබි තිබීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර අවසන් මහා තරගය සදහා නියෝජනය කරන කණ්ඩායම් දෙක තුළ සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර වන අතර, ඔහු මෙවර තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායම නියෝජනය කරනවා.

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් රසිකයින් බලා සිටින 2025 IPL තරගාවලියේ ශූරයන් කවුරුන්දැයි තෝරන අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.

World News

Send your contact Details Today