Latest News

ශ්‍රී ලංකා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ SMS පණිවුඩ ද්වාරය Hack වෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ(NWSDB) කෙටි පණිවුඩ ද්වාරය අවදානමට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ‘බිට්කොයින් කප්පමක්’ ඉල්ලා සිටින කණ්ඩායමක් පණිවිඩ එවා ඇති බවයි මණ්ඩලයේ ගනුදෙනුකරුවන් වාර්තා කරන්නේ.

සමාජ මාධ්‍යවල සිය අදහස් පළකරමින් පරිශීලකයින් තහවුරු කළේ නිල NWSDB කෙටි පණිවිඩ කේතයෙන් අදාළ කෙටි පණිවිඩ ලැබුණු බවයි.

“ඔබේ වෝටර්බෝඩ් ගිණුම ඇල්ෆා කණ්ඩායම විසින් හැක්කර ඇත. අපට BTC (බිට්කොයින්) 1.5ක් ලැබුණහොත් ඔබේ දත්ත නැවත ලබාගත හැකිය.” ලෙසයි එම කෙටි පණිවිඩයෙන් දන්වා ඇත්තී.

බිට්කොයින් මුදල් පසුම්බියේ ලිපිනයක් ඇතුළත් පණිවිඩ, නිල බිල්පත් සහ පැමිණිලි යාවත්කාලීන කිරීම් සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන එකම අංකයෙන් යොමු කර තිබෙනවා.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ප්‍රවේශ වී හෝ කාන්දු වී ඇති නිශ්චිත දත්ත මොනවාද යන්න තවමත් පැහැදිලි නැහැ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

World News

Send your contact Details Today