Latest News

මගී දුම්රියක් මතට පාලමක් කඩා වැටී දරුණු අනතුරක් (VIDEO)

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ මගී දුම්රියක් මතට පාලමක් කඩා වැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ (31) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, මෙම අනතුරින් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

යුක්‍රේනයට මායිම්ව ඇති රුසියාවේ බ්‍රයන්ස්ක් කලාපයේ දුම්රිය මාර්ගයකට ඉහළින් ඉදිරිකර තිබූ පාලමක් මෙලෙස දුම්රියක් මතට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පාලම දුම්රිය මතට කඩා වැටෙනවාත් සමඟ දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් අතර දුම්රියේ රියදුරුද සිටින බවයි වාර්තා වුණේ.

මෙම දරුණු අනතුරින් තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් දෙදෙනෙක් ද සිටින අතර ඉන් එක් දරුවෙකුගේ තත්ත්වය බරපතළ බව බ්‍රයන්ස්ක් කලාපයේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බොගොමාස් පැවසුවා.

අනතුරෙන් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා 180 දෙනෙකුගෙන් යුත් මුදවා ගැනීමේ කාර්ය මණ්ඩලයක් යොදවා තිබුණා.

මේ අතර පාලම කඩා වැටීම පිටුපස කිසියම් කඩා කප්පල්කාරී ක්‍රියාවක් ඇත්ද යන්න පිළිබඳව රුසියානු රජය විමර්ශන අරඹා තිබෙනවා.

World News

Send your contact Details Today