Latest News

එලොන් මස්ක්ට, ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමතක නොවන තෑග්ගක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ කාර්යක්ෂම දෙපාර්තමෙන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් ඇමරිකානු රජයේ කාර්ය භාරයෙන් ඉවත්වීම නිල වශයෙන් ඊයේ (30) නිවේදනය කෙරුණා.

ධවල මන්දිරයේ දී පැවති මෙම අවස්ථාවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක්ව සිටියා.

මෙහිදී එලොන් මස්ක්ගේ සේවය අගයමින් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඔහුට ධවල මන්දිරයේ රන් ආලේපිත යතුරක් ත්‍යාගයක් ලෙස පිරිනැමීම ද විශේෂත්වයක්.

එම යතුරු පිරිනැමීමෙන් ට්‍රම්ප් ජනාධිපතිජනාධිපතිවරයා අදහස් කළේ ඕනෑම අවස්ථාවක ධවල මන්දිරයට පැමිණීමට අවස්ථාව හිමිවන බවයි.

රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානතම ධන පරිත්‍යගශිලියා ලෙස කටයුතු කළ එලොන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 250ක මුදලක් ද වැයකර තිබෙනවා.

World News

Send your contact Details Today