Latest News

පෘතුවියේ කුසගින්නෙන් පෙලෙන ජනතාව වෙසෙන ස්ථානය නම් කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ සමස්ත ජනතාවම සාගතයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.

ගාසා තීරයට ආහාර සහ ආධාර සැපයුම අවහිර කිරීම හේතුවෙන් ගාසා වැසියන් දැඩි කුසගින්නෙන් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සාගතයෙන් පසුවන හා තුවාල ලබා සිටින ජනතාවට ඊශ්‍රායල හමුදා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර පෘතුවියේ කුසගින්නෙන් පෙලෙන ජනතාව වෙසෙන ස්ථානය බවට ගාසාව නම් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

ගාසා තීරයේ මිලියන 2.3ක ජනගහනයෙන් 100%ක්ම ව්‍යසනකාරී සාගත තත්ත්වයට මුහුණදීම ඛේදවාචකයක් බවයි එක්සත් ජාතීන්ගේ මානුෂිය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රකාශක ජෙන්ස් ලාර්ක් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today