Latest News

සමාජ මාධ්‍ය පරිශීලකයන් මිලියන 184කගේ Login තොරතුරු ලීක් වෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Facebook, Google, Aplle, Microsoft, Netflix වැනි ප්‍රමුඛ තාක්‍ෂණ සමාගම්වල පරිශීලක නාම සහ මුරපද මිලියන 184කට වඩා අන්තර්ජාලයට කාන්දු වී ඇති බවට සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් අනතුරු අඟවනවා.

අනාරක්ෂිත වෙබ් අඩවියක විද්‍යුත් තැපැල් ලිපින (Username), මුරපද (password), සත්‍යාපන URL මෙන්ම බැංකු, සෞඛ්‍ය සේවා සහ රජයේ වෙබ් අඩවිවල පිවිසුම් තොරතුරු ඇතුළු සංවේදී දත්ත සොයාගෙන තිබෙනවා. මෙය සයිබර් අපරාධකරුවන්ට සූරාකෑමට ලක්විය හැකි අවදානමක් ඇති කරනවා.

ඒ අනුව Infostealer වැනි අනිෂ්ට මෘදුකාංග හරහා මෙම දත්ත සොරකම් කර, ව්‍යාපාරික ලේඛන, ඔත්තු බැලීම සහ කප්පම් මෘදුකාංග ප්‍රහාර සඳහා භාවිතා කළ හැකි බවට පර්යේෂකයන් පවසනවා.

විශේෂඥයන් අනතුරු අඟවන්නේ, Facebook, Instagram, Snapchat වැනි සේවාවන් හරහා එකම පරිශීලක නාමය සහ මුරපදය භාවිත කරන්නන් වඩාත් අවදානමට ලක්වන බවයි.

එහිදී සයිබර් අපරාධකරුවන් ගිණුම් හරහා වංචා, අනන්‍යතා සොරකම් සහ මූල්‍ය හානි සිදු කළ හැකියි.

දත්ත කඩකිරීම් වළක්වා ගත නොහැකි වුවත්, ශක්තිමත් මුරපද භාවිතය නිර්දේශ කෙරෙනවා.

මෙම කාන්දුව සම්බන්ධයෙන් තාක්‍ෂණ සමාගම් සහ ආරක්ෂක පර්යේෂකයන් පරීක්ෂණයක් ආරම්ත කර තිබෙනවා.

World News

Send your contact Details Today