අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා.
ඒ අද (29) දහවල් කොළඹ ජාතික රෝහලේ 41 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදියී.
දිගු කලක් උන්වහන්සේ රෝගාතුරව සිටි අතර මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂුවක් ලෙස දැවැන්ත ශාසනික මෙහෙවරක් සිදු කළ භික්ෂුවක් ලෙස අමිතානන්ද හිමියන් ගරු බුහුමනට පාත්‍ර වුණා.
බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් වැඩ වාසය කළේ දොම්පේ කල්‍යාණි ධර්මාශ්‍රමයේ යි.
2017 වර්ෂයේ පමණ උන්වහන්සේ ගිලන් වූ අතර එතැන් සිට උන්වහන්සේට මොළයේ සැත්කම් කිහිපයක් ද සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදු වුණා.
එවන් තත්ත්වයක් යටතේ දැඩි ලෙස ගිලන් ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදියි උන්වහන්සේ මෙලෙස අද දින අපවත් ව ඇත්තේ.
විද්‍යුත් හා රූපවාහිනී මාධ්‍ය නාලිකාවල සේ ම, ගුවන්විදුලියේ ද ජනප්‍රිය සහ දක්ෂ ධර්ම කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් ඇසුරෙහි හැදී වැඩුණු භික්ෂු පරපුර 300කට අධිකයි.