Latest News

ඩිමෙන්ශියා රෝගයට අලුත් ඖෂධයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩිමෙන්ශියා රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ වැඩිදියුණු කරන ලද ඖෂධයක් එරට පුරා ප්‍රාන්ත කිහිපයක අත්හදා බලමින් පවතිනවා.

ඩිමෙන්ශියා රෝගය සහිත පුද්ගලයන්ගේ හැසිරීම් සහ මානසික වෙනස්කම් සිදුවන අතර, පවුලේ අය සහ රැකබලා ගන්නන්ටද මෙම තත්වය පීඩාවක් එල්ල කරනු ලබනවා.

KNX100 නමින් හැඳින්වෙන නව ඖෂධය, අතුරු ආබාධ ඇති නොකරන බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම අත්හදා බැලීම් සඳහා ඩිමෙන්ශියා රෝගීන් 60 දෙනෙකු යොදා ගෙන තිබෙන අතර ක්වීන්ස්ලන්ඩ්, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියාව පුරා එය අත්හදා බැලීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙම ඖෂධය ආරක්ෂිත සහ දරාගත හැකි බව අත්හදා බැලීම් වලදී අනාවරණ වී තිබෙනවා.

නවෝත්පාදනය ආරම්භ වූයේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් වන අතර පර්යේශකයින් පෙන්වා දෙන්නේ මෙම ඖෂධය හැකිතාක් දුරට අනුමැතිය කරා ගෙන යාම සඳහා තවදුරටත් සංවර්ධනය කරන බවයි.

World News

Send your contact Details Today