ලොව ධනවතුන් අතරින් ප්‍රථම ස්ථානයේ සිටින එලෝන් මස්ක්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ඔහු දැරූ විශේෂ තනතුරෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වනවා.
ඔහු මේ බව ඔහුගේ x සමාජ ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.
එසේම එලොන් මස්ක් එම සටතන තබමින් ජනපති ට්‍රම්ප්ට ස්තුතිය පළකර තිබෙනවා.
ඔහු තැබූ සටහන පහතින්…
“විශේෂ රජයේ සේවකයෙකු ලෙස මගේ නියමිත කාලය අවසන් වන විට, නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ජනාධිපති Donald Trump ට ස්තූති කිරීමට කැමතියි, DOGE මෙහෙයුම කාලයත් සමඟ ශක්තිමත් වනු ඇති බැවින් එය රජය පුරා ජීවන මාර්ගයක් බවට පත්වනු ඇත”
