Latest News

කුසගිනි දරාගත නොහැකිව, ගාසා තීරයේ වැසියන් දරුණු තීරණයක් ගනියි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුස ගින්නෙන් පෙළෙන පිරිසක් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ ආහාර සැපයුම් ගබඩාවකට කඩාවැදී තිබෙනවා.

සිද්ධියෙන් කිහිපදෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගාසා තීරයට ඊශ්‍රායල සැපයුම් මාර්ග අවහිර කිරීම හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වුණා.

ආහාර හා ඖෂධ නොමැතිව ඇතැම් පිරිස් ජීවිතක්ෂයට ද පත්ව තිබුණා‍.

කෙසේ වෙතත් මාස තුනක් තිස්සේ පැවති එම අවහිරතා ලිහිල් කළ ද ගාසා තීරයේ මානුෂිය අවශ්‍යතා තවමත් එලෙසම පවතිනවා.

මෙවැනි තත්ත්වයක් යටතේයි අධික කුසගින්නෙන් සිටි පිරිස් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට අයත් සැපයුම් ගබඩාවකට කඩාවැදී ඇත්තේ.

වෙඩි හඩ මධ්‍යයේ පිටි මලු සහ ආහාර පෙට්ටි රැගෙන යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වෙඩි හඩ පැමිණියේ කුමන දිශාවකින් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මේ වන විටත් කිහිපදෙනෙකු මිය ගොස් ඇති අතර වැඩිදුර තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

World News

Send your contact Details Today