Latest News

ට්‍රම්ප් පැනවූ බද්දක් ගැන තීරණයක් මාසයකට කල් දමයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ට්‍රම්ප් යුරෝපයට පැනවූ 50%ක තීරුබද්ද මාසයකින් කල් දමා තිබෙනවා.

තර්ජන එල්ල කිරීමට නොව එකිනෙකාට ගරු කරමින් සාකච්ඡා මේසයට පැමිණීමට පියවර ගන්නේ නම් ලබන ජූනි මස 1 වැනිදා සිට යුරෝපයෙන් ආනයනය කරනු ලබන සියලු භාණ්ඩ සඳහා 50%ක තීරුබදු පැනවීමට ගත් තීරණය මාසයකින් කල් දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

යුරෝපා සංගමයට 50%ක තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ දෙපාර්ශ්වය අතර තීරුබදු අර්බුදය සම්බන්ධව පැවැති සාකච්ඡාවේදී විසඳුමකට පැමිණීමට බොහෝ යුරෝපා රටවල් එකඟ නොවීම හේතුවෙනුයි.

මේ අතර යුරෝපා සංගමයේ වෙළෙඳ කටයුතු පිළිබඳ ප්‍රධානි මරෝස් සෙෆ්කොවික් ප්‍රකාශ කර ඇත්තේ එකිනෙකා කෙරෙහි තර්ජනාත්මකව නොව ගෞරවාන්විතව කටයුතු කිරීමට යුරෝපා හවුලේ සාමාජික රටවල් 27 බැඳී සිටින බවයි.

World News

Send your contact Details Today