Latest News

IPL අවසන් වටයේ තරග හෙට සිට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (27) පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ලක්නව්හි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 227ක් රැස් කරගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 230ක් රැස්කර ගනිමින් ජයග්‍රාහී කඩඉම පසුකර ගියා.

මේ සමග මූලික වටයේ සියලුම තරග අවසන් වූ අතර, බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළට පැමණීම විශේෂතත්වයක්.

ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කරන පංජාබ් – බැංගලෝරු Qualifier 01 තරගය හෙට (29) පැවැත්වීමට නියමිත අතර මුම්බායි ඉන්දියන්ස් – ගුජරාට් ටයිටන්ස් Eliminator තරගය මැයි 30වනදා පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today