Latest News

එක් ශුක්‍රාණුවකින් හැදු ළමුන් 67 දෙනෙකු ගැන කම්පනයක් දැනෙන පුවතක් වාර්තා වෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එකම පුරුෂයෙකුගේ ශුක්‍රාණු භාවිතයෙන් යුරෝපයේ උපත ලැබූ දරුවන් 67 දෙනාගෙන් බොහෝ දෙනෙකුට පිළිකා ඇති බව දැන ගැනීමට ලැබීම කම්පනයක් ඇති කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහුගේ ශුක්‍රාණු වලින් පිළිසිඳ ගත් දරුවන්ට පිළිකාවක් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

යුරෝපීය රටවල් අටකින් පවුල් 46 ක ළමුන් 67 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රභේදය ළමුන් 23 දෙනෙකු තුළයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔවුන්ගෙන් 10 දෙනෙකුට පිළිකා ඇති බවට හඳුනාගෙන තිබුණා.

ඒ ඔවුන්ට ලියුකේමියාව සහ හොඩ්ග්කින් නොවන ලිම්ෆෝමා වැනි පිළිකා සෛල අවස්ථා ඇතුළත් වීම හේතුවෙන්.

තම දරුවන් තුළ පිළිකා රෝග ලක්ෂණ අනාවරණය වූ පසු පවුල් දෙකක් ඔවුන්ගේ සඵලතා රෝහල් ඇමතූ විටයි මෙය අනාවරණය වී ඇත්තේ.

2008 දී ශුක්‍රාණු පරිත්‍යාග කිරීමේදී මෙම විකෘතිය සිදු ව තිබූ අතර “මෙම දුර්ලභ ප්‍රභේදය පරිත්‍යාග කරන අවස්ථාවේ පිළිකාවට සම්බන්ධ බවක් නොපෙනුණ.” බවයි පැවසෙන්නේ.

“නමුත් පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු වලින් සමහරක TP53 නම් ජාන විකෘතියක් අඩංගු වූ බවට ශුක්‍රාණු සැපයූ යුරෝපීය ශුක්‍රාණු බැංකුව තහවුරු කර තිබෙනවා.

එමෙන්ම පරිත්‍යාගශීලියෙකුගේ ශුක්‍රාණු භාවිතා කළ හැක්කේ නිශ්චිත දරුවන් සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට පමණක් බවට ශුක්‍රාණු බැංකුවේ රීතිය උල්ලංඝනය කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

මේ අතර, ආසාදිත පරිත්‍යාගශීලියාගෙන් ශුක්‍රාණු ලබාගත් සියලුම රෝහල්වලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

World News

Send your contact Details Today