Latest News

හිටපු අගමැති, තම සිව්වන දරුවාගේ කිරි සිනහා බලයි – ‘පොපි’ යනුවෙන් නම් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ කැරීට ඔවුන්ගේ සිව්වන දරුවා වන ගැහැණු ළමයෙකු ලැබී තිබෙනවා.

බොරිස් ජොන්සන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්, ‘පොපි’ යනුවෙන් නම් කළ මෙම බිළිඳා තම 9 වැනි දරුවා බවයි පවසා ඇත්තේ.

කැරීට දාව උපන් දරුවන්ට අමතරව, බොරිස් ජොන්සන්ට ඔහුගේ පළමු බිරිඳගෙන් එක් දරුවෙකු සහ දෙවන බිරිඳගෙන් දරුවන් හතරදෙනෙකු සිටිනවා.

දැන්, කැරී සමඟ ලද සිව්වන දරුවාත් සමඟ, බිරියන් තිදෙනකුගෙන් යුත් දරුවන් 9 දෙනෙකුගේ පියෙකු බවට ඔහු පත්ව තිබෙනවා.

බොරිස් ජොන්සන්, කොවිඩ් අගුලු දැමීම් සමයේ ඔහුගේ කාර්යාල පරිශ්‍රයේ දේශපාලන නායකයින් සඳහා සාදයක් පැවැත්වීම ඇතුළු මතභේදාත්මක සිදුවීම්වලට සම්බන්ධ වූ අයෙක්.

වත්මන් වශයෙන් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටින ඔහු, දෙවරක් විවාහ වී දික්කසාද වී තිබෙනවා.

World News

Send your contact Details Today