ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් ඇල්බේනියාවේ, Qafë-Thane දේශසීමා හරස් මාර්ගය තරණය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු එරට දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 36, 51 සහ 57 වියේ පසුවූවන්.
එමෙන්ම ඔවුන් සතුව ඉතාලියේ පදිංචි බවට සඳහන් බලපත්‍ර තිබි ඇති අතර ඒවා ව්‍යාජ බවටයි අනාවරණය වී ඇත්තේ.