විදේශීය සිසුන්ගේ නාම ලැයිස්තුව ඉදිරිපත් නොකරන්නේ නම්, හාවඩ් විශ්ව විද්‍යාලය සඳහා ලබාදෙන අරමුදල් තවත් ඩොලර් බිලියන 3 කින් කපා හැරීම කෙරෙහි රජය සලකා බලන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) ප්‍රකාශ කළා.
එම නාම ලැයිස්තුවෙන් “උමතු සහ ගැටළු ඇතිකරන” විදෙස් සිසුන් කොපමණ ප්‍රමාණයකට නැවත ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ නොදිය යුතුද යන්න තීරණය කිරීමට රජය බලා සිටින බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් එදිනම සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ.
ලැයිස්තුවට අදාළ ලේඛන සැපයීමේදී හාවඩ් විශ්ව විද්‍යාලය ඉතා මන්දගාමී බව ද ඔහු සඳහන් කරනවා.
සියලුම ජාත්‍යන්තර සිසුන්ගේ නම් සහ ජාතිකත්ව තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 25 වැනිදා හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා සිටියා.
ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම හාවඩ් විශ්ව විද්‍යාලයට තහනම් කරන බව ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය 22 වැනිදා නිවේදනය කළා.
පසුව එම විශ්ව විද්‍යාලය ඊට එරෙහිව නඩු පවරනු ලැබුවා.
එම තහනම් ප්‍රතිපත්තියට එරහිව ඇමරිකාවේ මැසචුසෙට්ස් දිස්ත්‍රික් උසාවිය පසුගිය 23 වැනිදා තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කළා.
නඩු විභාගයක් පැවැත්වීමට පෙර වත්මන් තත්ත්වය පවත්වා ගන්නා ලෙසට එම නියෝගයෙන් දැනුම් දී තිබෙනවා.