Latest News

ශ්‍රී ලංකාවේ අසල්වැසියාගේ කොවිඩ් ව්‍යාප්තිය ගැන භයානක හෙළිදරව්වක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි.

කේරළය, මහාරාෂ්ට සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ්හි රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් මේ අනුව වාර්තා වී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොවිඩ් හේතුවෙන් මරණ 4ක් මහාරාෂ්ටයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today