Latest News

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පුරවැසියන්ට යාවත්කාලීන සංචාරක උපදේශන නිකුත් කරමින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව තුළ මේ වන විට චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් බවයි වාර්තා වී ඇත්තේ.

බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරකයින් මුහුණ දෙන “සෞඛ්‍ය අවදානමක්” ලෙස චිකුන්ගුන්යා ඇතුළත් කර තිබෙනවා.

ඉන්දියානු සාගර කලාපයට සංචාරය කිරීමට සැලසුම් කරන පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගයට එරෙහි ව වැඩි දියුණු කළ පූර්වාරක්ෂාවන් භාවිතා කරන ලෙස ද එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු ඇඟවූවා.

මොරිෂස්, මයෝට්, රියුනියන්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල චිකුන්ගුන්යා පැතිරීම් පවතින බව එක්සත් ජනපදයේ ජාතික මහජන සෞඛ්‍ය ආයතනය හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නිකුත් කළ 02 වන මට්ටමේ සංචාරක නිවේදනයේ සඳහන්.

එක්සත් ජනපදය මේ වන විට චිකුන්ගුන්යා පැතිරීමක් ඇති ප්‍රදේශයකට යන සංචාරකයින් සඳහා එන්නත් කිරිම ද නිර්දේශ කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

වැඩිදුරටත් එක්සත් ජනපදය උපදෙස් ලබා දී සිටින්නේ දරු ප්‍රසූතියට ආසන්න කාන්තාවන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙසයි.

World News

Send your contact Details Today