Latest News

ට්‍රම්ප්ගේ දැඩි තීරණයක් ටිකක් ලිහිල් කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා සංගමය සමග තීරුබදු පිළිබඳ සාකච්ඡා සඳහා වූ අවසන් දිනය ජූලි 09 දක්වා දීර්ඝ කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟවී තිබෙනවා.

යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩ ලේන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ට්‍රම්ප් මෙම එකඟතාව පළකර තිබෙන්නේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය මාසයේදී යුරෝපා කොමිසමේ භාණ්ඩ රැසකට සියයට විස්සක තීරුබද්දක් ප්‍රකාශයට පත් කළා.

එහෙත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජූලි අටවනදා දක්වා සියයට 10 දක්වා අඩු කිරීමටයි කටයුතු කළේ.

මෙම සාකච්ඡාවට පෙර සිකුරාදා දහවල් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට යවන සියලුම භාණ්ඩ සඳහා ජුනි පළමුවනදා සිට සියයට 50 දක්වා තීරු බදු ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි.

World News

Send your contact Details Today