Latest News

මුහුද රළු වීමෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට අත් වූ ඉරණම

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු අනතුරට ලක්ව තිබෙනවා.

ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකුයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරට පත්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 21 දෙනෙකු මුදවාගෙන තිබෙනවා.

නෞකාව ඉන්දියාවේ කොචි වරය බලා පිටත්ව යමින් සිටියදීයි අනතුරට පත්ව ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරට හේතුව නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමග ඇති වූ රළු මුහුදු තත්ත්වයයි.

නෞකාවේ ඇති අනතුරුදායක භාණ්ඩ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය දැනුවත් ඉන්දියානු ජනතාව වෙත දැනුවත් කර ඇත්තේ වෙරළට ගසාගෙන යා හැකි ඕනෑම බහාලුම් හෝ සැක සහිත ද්‍රව්‍යක් දුටුවත් ඒ පිළිබඳව වහාම අදාළ අංශ වෙත දැනුවත් කරන ලෙසයි.

World News

Send your contact Details Today