Latest News

යුක්‍රේනයේ කිව් අගනුවරට රුසියානු ඩ්‍රෝන යානා ප්‍රහාරයක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ල වූ රුසියානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

යුක්‍රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ, එහිදී ඩ්‍රෝන යානා 250ක් සහ බැලැස්ටික් මිසයිල 14ක් දියත් කර ඇති බවයි.

රුසියාව විසින් යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර වලින් එකක් ලෙස ද මෙම ප්‍රහාරය ඔවුන් හදුන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී මිසයිල 6 ක් සහ ඩ්‍රෝන යානා 245 ක් බිම හෙළු බවයි යුක්‍රේන ගුවන් හමුදා ප්‍රකාශ කළේ.

රුසියාව සහ යුක්‍රේනය සිරකරුවන් හුවමාරුවක් සඳාහා තුර්කියේදී කළ සාකච්ඡාවෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල වීම ද විශේෂත්වයක්.

World News

Send your contact Details Today