Latest News

ට්‍රම්ප්ගේ බදුවලට යුරෝපා සංගමයෙන් කරන්න යන දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාව සමග වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් කැපවී සිටින බව යුරෝපා සංගමය පවසනවා.

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන්, අමරිකාවට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බද්දක් නිර්දේශ කරන බවට ප්‍රකාශ කළ පසුබිමකයි ඔවුන් මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.

අමරිකානු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ මෙම නව තීරුබදු ජුනි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

එසේම, එහිදී යුරෝප සංගමය ප්‍රකාශ කර ඇත්තේ, වෙළඳම එකිනෙක වෙනස් වුවත් අන්‍යෝන්‍ය ගෞරවයෙන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම් බවයි.

World News

Send your contact Details Today