Latest News

ජානමය රෝග ඇති දරුවන්ගේ දෙමාපියන්ට සුබ පුවතක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ දරුවන්ගේ ජානමය රෝග හඳුනාගැනීමේ නවතම පර්යේෂණයක් සාර්ථක වී තිබෙනවා.

Murdoch Children’s Research Institute සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය David Stroud යන අයගේ සයයෝගයෙනුයි මෙම පර්යේෂණය සිදු කර තිබුණේ .

වසර 10 ක් පුරා සිදුකළ මෙම පර්යේෂණයෙන්, දුර්ලභ ජානමය රෝග රැසක් එකවර හඳුනාගත හැකි පරීක්ෂණයක් සොයාගෙන ඇති බව සඳහන්.

මීට පෙර රෝග විනිශ්චයක් ලබා ගැනීමට රෝගීන්ට වසර ගණනාවක සිට පරීක්ෂණවලට මුහුණ දීමට සිදුව තිබුණා.

මෙම නව ක්‍රමය රෝග විනිශ්චය අනුපාත සැලකිය යුතු ලෙස වැඩි කරන අතර, විශේෂඥයින් අනාවැකි පළ කරන්නේ පරීක්ශණවල (accuracy) නිරවද්‍යතාවය 30% සිට 75% දක්වා ඉහළ යා හැකි බවයි.

මුල් රෝග විනිශ්චය මගින් කාලෝචිත ප්‍රතිකාර, ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා වියදම් අඩු කිරීම සඳහා ඉඩ සලසනු ලබනවා.

දිගු කාලීන පරීක්ෂණ වලින් තොරව රෝග හදුනා ගැනීමෙන් පවුල්වලටද මානසික සහනයක් ද ලබා දෙන අතරම, නිසි ලෙස ජානමය අවබෝධය ලබා දීමෙන් අනාගත පවුල් සැලසුම්කරණයට සහාය වන බවයි මෙම පරීක්ෂණ කණ්ඩායම තහවුරු කරන්නේ.

World News

Send your contact Details Today