Latest News

හැමෝම ආදරේ කරන ‘නීමෝ’ ට කරදරයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා ලොකු කුඩා කාගෙත් සිත්ගත් ‘නීමෝ’ නම් කාටූන් චරිතයට ආදර්ශය වූ ‘Clownfish’ නමැති මත්ස්‍යා ගැන අනුවේදනීය කරුණු රැසක් පරිසර විශේෂඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා.

නවතම අධ්‍යනයකින් ඔවුන් අනාවරණය කරගෙන ඇති කරුණු අනුව, තැඹිලි සහ සුදු පැහැති මෙම ආකර්ෂනීය මත්ස්‍යයා සාගර උණුසුමට ඔරොත්තුදීම සඳහා ස්වාභාවිකව දිගින් දිගටම කුඩා වෙමින් යන බවයි අනාවරණය වී ඇත්තේ.

‘Clownfish’මත්ස්‍යයෙකුගේ සාමාන්‍ය දිග සෙන්ටිමීර 11ක් පමණ බව සඳහන්.

එංගලන්තයේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පැපුවා නිව්ගිනියාවේ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිට සිදුකළ පර්යේෂණයකින් මේ බව හෙළිකරගෙන තිබෙනවා.

ඔවුන් මාස 5ක කාලයක් තුළ ‘Clownfish’ මත්ස්‍යයන් 134ක් නිරීක්ෂණය කර ඇති අතර, එම කාලයේ සෑම මසකම සෑම මත්ස්‍යයෙකුගේම දිග මැනබලා තිබුණා.

එමෙන්ම සෑම දින 4-6කට වරක් ජල උෂ්ණත්වය පරීක්ෂාකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ක්ලවුන්ෆිෂ් 134 දෙනාගෙන් 100ක්ම කුඩා වෙමින් සාගර උෂ්ණත්වයෙන් බේරීමට අනුවර්ථනය වී ඇති බවයි.

මෙය සාගර උෂ්ණත්වය ඉහළ යෑම වැනි පාරිසරික තත්ත්වයන් වෙනස් වනවිට කොරල්පර මත්ස්‍යයෙකු කුඩාවන බව සොයාගත් පළමු අවස්ථාව ලෙසින්ද සැලකෙනවා.

මෙම අධ්‍යනයෙන් අනාවරණය වී ඇති අනෙක් බරපතළම කරුණ නම්, මෙලෙස ‘Clownfish’මත්ස්‍යා දිගින් දිගටම කුඩා වනවිට එය එම මත්ස්‍යන්ගේ ප්‍රජනනයටද බලපාන බවයි.

ඒ අනුව මෙම මත්ස්‍ය විශේෂයේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

World News

Send your contact Details Today