Latest News

ඉන්දීය ආරක්ෂක අංශ විසින් විශේෂ සංවිධානයක ඉහළ පෙළේ නායකයෙකු ඝාතනය කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාඕ සංවිධානයේ ඉහළ පෙළේ නායකයෙකු ඝාතනය කිරීමට සමත් වූ බව ඉන්දීය ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

චත්තිස්ගාර් ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුමකිනුයි මෙම මාඕ වාදි නායකයා මිය ගොස් ඇත්තේ.

එම ගැටුමේ දී නම්බල කේෂව රාඕ නැමැති මාඕ නායකයා ඇතුලු කැරළිකරුවන් 27 දෙනෙකු ජිවිත්කෂයට පත්ව ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනය කරනවා.

ගැටුමේ දී පොලිස් නිලධාරියෙකුට ද දිවි අහිමි වී ඇති බව සඳහන්.

දශක තුනකට පමණ පසුව මාඕ වාදී නායකයෙකු ඝාතනයට ලක්වු පළමු අවස්ථාව මෙය ලෙසයා සැලකෙන්නේ.

2026 වසරේ මාර්තු මස වන විට මාඕ කැරළිකරුවන්ගේ ගැටුම් සම්පුර්ණයෙන් අවසන් කිරීමට කටයුතු කරන බවට ඉන්දීය රජය පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

World News

Send your contact Details Today